යහපාලන ආණ්ඩුව සමයේ පැවති මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ‘යකට මිනිසා’ නමින් රුපියල් කෝටි 15 ක් වැයකළ ව්‍යාපෘතියකදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් එකල එම අමාත්‍යාංශය භාරව සිටි පාඨලී චම්පික රණවක මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේදී එක් පුද්ගලයෙකුගේ කීර්තිනාමය ඉහළ නැංවීමට කටයුතු කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලට අනුව ප්‍රකාශ ලබාගැනීමට මෙම කැඳවීම කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම විමර්ශනය සම්බන්ධයෙන් වෘපෘතියට අදාළව රජයේ නිලධාරීන් 35 දෙනෙකුගෙන් දැනට ප්‍රකාශ ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.
ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික රූපවාහිනි නාළිකාවකට ගෙවීමට ඇති රුපියල් මිලියන 75 ක වව්චරයක් ගෙවීමට ඉල්ලා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කළ ඉල්ලීමකින් පසුව මේ සම්බන්ධව අමාත්‍යාංශ ලේකම්වරයා 2020 නොවැම්බර් 23 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ‘යකඩ මිනිසා’ ව්‍යාපෘතිය සම්බන්ධය ඉදිරි පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා.