උදෑසන පත්තර කියවන විට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් රජයේ අඩුපාඩු ඍජුව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.
ඒ, ඊයේ (14) නාරාහේන්පිට අභයාරාමයේදී පවතී සාකච්ජාවකින් අනතුරුව චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කෙසේ නමුත් එම ප්‍රහාරය සිදු කළේ රජයෙන් බවට මතයක් නිර්මාණය කිරීමට විපක්ෂය විසින් උත්සහ ගනිමින් සිටින බවයි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසන්නේ.
කෙසේ නමුත් එම ප්‍රහාරය එල්ල කළේ විපක්ෂය බව තමන් පැහැදිලිව ප්‍රකාශ කරන බවත් එසේ සිදුකර රජය දෙසට ඔවුන් අත දික් කරන බවත් ඔහු පෙන්වා දෙනවා.