පෙබරවාරි 14 වැනිදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ආදරයේ හෝ වෛරයේ ප්රකාශනයක් ලෙස කැරපොත්තකු නම් කිරීමට අමෙරිකාවේ නිවියෝර්ක්හි සත්වෝද්‍යානයක් අවස්ථව සලසා තිබෙනවා.
මෙහිදී හැරගිය පෙම්වතිය හෝ පෙම්වතාගේ නමින් මැඩගස්කර කැරපොත්තකු නම් කිරීමට අවස්ථාව සැළසෙන අතර මේ වන විටත් නම් කර ඇති කැරපොත්තන් ගණන 54,000ක්.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සත්වෝද්‍යානය එමගින් උපයා ඇති මුදල ඩොලර් මිලියන 1.1කට අධික බවයි.