අද (23) පෙරවරුවේ සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරමින් පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.
එමෙන්ම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පත්කෙරුණා.
මීට අමතරව වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ ඔහුට පෙර පැවති කර්මාන්ත අමාත්‍යධූරයට අමතරවයි.
දැනට මුදල් රාජ්‍ය අමාත්‍යධූරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය හට කැබිනට් නොවන වැවිලි කර්මාන්ත අමාත්‍යධූරයක් හිමි වී තිබෙනවා.