28.5 C
Colombo
Saturday, March 29, 2025

ගිවිසුම් වෙනස් කරනවා කියන්නේ ආයෝජකයින් අධෛර්යමත් කිරීමක් -රනිල්

- Advertisement -

බලශක්තිය සම්බන්ධව සමාගම් සමඟ එකඟවූ ගිවිසුම් වෙනස් කිරීමට හා එහි මිල ගණන් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, හිටපු අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් රචිත “ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“මේ දවස්වල විශේෂයෙන්ම බලශක්ති සමාගම් සියල්ලන්ටම කියනවා තමන් එක්ක තිබුණ ගිවිසුම් අපි අත්සන් කරලා, කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා, අන්තිම ගිවිසුම විතරයි අත්සන් කරන්න තිබුණේ. ඒ ගිවිසුම් සියල්ලම අලුතින් ගේන්න ඕනේ. තමන්ට කියනවා මිල අඩු කරන්න කියලා. තමන්ට කියනවා අලුත් ගිවිසුම්වලට එන්න. මේක පිටරට ගියාම අපේ ආයෝජකයෝ මොකක්ද හිතන්නේ ? මේක විශ්වාසදායක රටක් නෙමෙයි. එන්නේ නෑ. මෙතෙන තියෙන විශේෂ බලශක්ති යෝජනා බැලුවහම ඩොලර් බිලියන 2ක් තුනක් තියෙනවා. එක එක විදියට තියෙනවා. බැටරි දාලා ගේන ඒවා, සුළඟින් කරන ඒවා තියෙනවා. කවුද මුදල් දාන්නේ. මම හිතන්නේ නෝර්වේ අරමුදලින් මුදල් දානවා. මේ අය ගෙනාවහම මේ මුදල්වලට විශාල ඉල්ලුමක් තියෙනවා. අපිට වඩා ලාභදායි විදියට අනෙක් තැන්වලට ගන්න පුළුවන්. මොකද අපේ තාම තියෙන අවදානම් තත්ත්වය ඉවත් වෙලා නෑ. ඒවා ඉවත් කරලා නෑ. ඒ නිසා අපිට වැඩියෙන් ගෙවන්න සිද්ධ වෙනවා.”

තම රජය පැවති කාලසීමාව තුළ ආදානි සමාගම සමග ක්‍රියාත්මක කිරීමට එකඟවූ යෝජිත සුළං බලාගාරයේ මිල ගණන් සම්බන්ධයෙන් ද ඔහු මෙලෙස අදහස් පළ කළා.

“එකඟවුණාට පස්සේ කඩන්න බෑ. ආණ්ඩුව යළිත් හිතලා බලන්න ඕනේ මේ පියවර යන එක හරිද නැද්ද කියලා. ඒ පියවර ගන්න එක නවත්වන්න ඕනේ. නවත්තලා පරණ ක්‍රමවේදය අනුව යන්න ඕනේ. මේකෙන් විශාල දෙයක් වෙලා තියෙන්නේ අදානි ගිවිසුම. අදානි ගිවිසුම දිහා බලනවා නම් විශේෂයෙන්ම අදානි සමාගම සමග අපේ කොමිටියයි ඒ සමාගමයි සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරද්දි අගය පිළිබඳ මිනුම් දණ්ඩයක් අපි ඇති කළා. දෙන්න පුළුවන් අඩුම මිලයි දෙන්න පුළුවන් වැඩිම මිලයි. ඒක ඇතුළේ අපි කළේ. එකෙන් පිට පැන්නහම මොකද්ද හිතන්නේ ? අන්න එතැනයි තියෙන්නේ. විශේෂයෙන්ම ඒ එකඟත්වයට ආවේ ඇමෙරිකානු ශත 8.26ක. දැන් මේක මාරු කරද්දි කොහොම ද කරන්නේ ?”

RECENT ARTICLES - SINHALA

මුස්ලිම් පාසල්වලට ලැබෙන නිවාඩුව ගැන දැනුම්දීමක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව...

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් රුපියල් මිලියන 49 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක්  තලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයමුකදී කේරළ...

පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදී තරුණයෙක් මරුට

මිනුවන්ගොඩ - පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, ගම්පහ - ගනේමුල්ල...

POPULAR ARTICLES

රනිල් සර් ගැන කියමින් දොඩම්පහළ අඬාවැටෙයි (වීඩියෝ)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා. එහිදී...

මුස්ලිම් පාසල්වලට ලැබෙන නිවාඩුව ගැන දැනුම්දීමක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව...

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් රුපියල් මිලියන 49 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක්  තලෙයිමන්නාරමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයමුකදී කේරළ...