26 C
Colombo
Friday, October 18, 2024

අස්වැසුම දෙනකොට දුප්පත්ද කියලා විදුලි බිලෙන් බලන්න – මුදල් කාරක සභාව

- Advertisement -

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය පරික්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මුලිකත්වය ලබා දෙන ලෙස පවසමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයට පමණක් සිදු කරන ලෙසද  එම නිවේදනයේ සඳහන්.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව උදාහරණ දක්වමින් කාරක සභාව පෙන්වා දෙන්නේ නිවෙස් වල පරිභෝජනය කල විදුලි එකක ප්‍රමාණය මත විදුලි බිපත මගින් වඩාත් හොඳින් පුද්ගල දරිද්‍රතාවය හඳුනා ගත හැකි බවයි.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී භාවිතකරන නිර්ණායකවල විශාල ගැටලු පවතින බව සහ විධිමත්බවක් නොමැති බව පෙන්වා දුන් කාරක සභාව ඒවා හැකි ඉක්මණින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසටද උපදස් ලබාදී තිබෙනවා.

එහිදී  මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා ඇත්‌තේ අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට භාවිතකරන ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ද ඉදිරියේ දී වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (28) වනදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබා දී තිබුණා.

මීට අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...