ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
ඒ දිවයිනේ නන් දෙසින් පිපිරීම් වාර්තා වීමත් සමඟයි.
පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි විවාහක කාන්තාවක් ඊයේ (25) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය නොවැම්බර් 13 වැනිදා ඇය ගෑස් සිලින්ඩරය ගිනිකූරක් යොදා දල්වා ගැනීමට යාමේදී එය පුපුරා ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
එමෙන්ම, කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඉන් ජීවිත හානි සිදුව නැතත්, මුළුතැන්ගෙයි තිබූ දේපොළවලට හානි සිදුව ඇති බවයි.
තවද, නිකවැරටිය – කන්දේගෙදර ප්‍රදේශයේ නිවසකද පිපිරීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.
නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරන්නේ පිපිරීමෙන් නිවස ගිනිගෙන නිවසට දැඩි හානි සිදුව ඇති බවයි.