27.3 C
Colombo
Thursday, March 27, 2025

ප්‍රදේශ කිහිපයක චිකුන්ගුන්යා ව්‍යාප්තිය ඉහළට

- Advertisement -

වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

වෛද්‍යවරු පවසන්නේ, මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මගින් පමණක් ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවයි.

අප්‍රිකාව, අමෙරිකාව, යුරෝපය හා ආසියානු මහද්වීපවල මෙන්ම පැසිෆික් හා ඉන්දියානු සාගරවල පිහිටි දූපත්වල පැතිරෙන රෝගී තත්ත්වයක් ලෙස ”චිකුන්ගුන්යා” රෝගය මේවනවිට හඳුනාගෙන තිබෙනවා.

”චිකුන්ගුන්යා” වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් මිනිසුන්ට රෝගය පැතිරෙන අතර රෝගය වැළඳුණු සංචාරකයින්ගෙන්, බලපෑමට ලක්නොවූ ප්‍රදේශවලට ද රෝගය පැතිරීම සිදුවනවා.

සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ මෙරට තුළ යළිත් චිකන්ගුන්යා රෝගය ව්‍යාප්තවීමේ තත්ත්වයක් මතුව ඇති බවයි.

මේ දිනවල පාසල් නිවාඩු සමය බැවින් දරුවන් නිතර පරිසරයට නිරාවරණය වන පසුබිමක ඇතැම් ප්‍රදේශවලට වැසි තත්ත්වය ද වර්ධනය වීමෙන් මදුරු ගහණය ඉහළ යා හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අධානයෙන් සිට මඳුරුවන් බෝවන තැන් විනාශ කිරීමට මෙන්ම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වගබලා ගත යුතු වනවා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය මගී ගුවන් පාලමක් කඩාවැටිලා

එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද (26) රාත්‍රියේ කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් මරදාන සිට ගාලු දෙසට ගමන් ගන්නා මාර්ගය මෙලෙස අවහිර වි තිබෙන...

දරුවන් ගැන අවධානෙන් ඉන්න;දිවි නසාගැනීමට පෙළඹීම් ඉහළට

මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (26) අනාවරණය කළා. වෛද්‍යවරු පවසන්නේ, මව්පියන් ජංගම දුරකථන සහ...

යහපත්ව රාජකාරි කළ පොලිස් නිළධාරීන් ඇගයේ

යහපත් රාජකාරී ඇගයීම සඳහා ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීම අද (26) සිදුකෙරුණා. ඒ අපරාධ වාර්තා කොට්ඨාසයේ දී. ඒ අනුව අද දිනයේ 140 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව...

POPULAR ARTICLES