අමෙරිකාවට අපනයනය කරන චීන භාණ්ඩ සඳහා තීරුබදු පනවන බව ඇමරිකානු රජය පසුගියදා ප්‍රකාශ කළ අතර, ඊට එරෙහිව දැඩි ප්‍රති පියවර ගැනීමට චීන රජයද සූදානම්ව තිබෙනවා.
ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 10වැනිදා සිට, වර්තමානයේ අදාළ ගාස්තු අනුපාතය මත පදනම්ව, ඇමරිකාවෙන් ගෙන්වන සියලුම ආනයනික භාණ්ඩ සඳහා චීනය 34% ක තීරුබදු පනවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ “චීන මහජන සමූහාණ්ඩුවේ ජනරජයේ රේගු නීතිය” හා “චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ වෙළඳ නීතිය” යන නීති රෙගුලාසි හා ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්මවලට අනුව, චීන රාජ්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්වයි.
එමෙන්ම චීන වාණිජ අමාත්‍යංශයද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකානු Skydio සමාගම ඇතුළු ඒකකයන් 11ක්, අද (04) සිට චීනය විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවයි.
මේ අතර චීන රේගු පරිපාලනය ඇමරිකානු සමාගම් 6ක නිෂ්පාදන චීනයට අපනයනය කිරීමේ සුදුසුකම්ද අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.