30 C
Colombo
Saturday, January 18, 2025

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව මෙම ගිවිසුමෙන් නිරූපණය කෙරෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවා.

එමෙන්ම චීන මහජන බැංකුව වෙනුවෙන් එහි අධිපති පැන් ගොන්‍ශ‍ෙන් මහතා ඊට අත්සන් තබා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අතේ ප්‍රබලයොත් යළි එකතුවෙන ලකුණු

වත්මන් රජයේ නොහැකියාව හමුවේ විපක්ෂයේ පක්ෂවල එකතු වීමක් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා...

ආරුගම්බේ ත්‍රස්ත සැලසුමේ තවත් කරුණු

ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලද තොරතුරු පිළිබඳ විමර්ශන සිදුකරන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා. ඊශ්‍රායල...

ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩිකරන්න පියවර

මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාවය ශීඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ සංස්ථාවට...

POPULAR ARTICLES

ආරුගම්බේ ත්‍රස්ත සැලසුමේ තවත් කරුණු

ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලද තොරතුරු පිළිබඳ විමර්ශන සිදුකරන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා. ඊශ්‍රායල...

අතේ ප්‍රබලයොත් යළි එකතුවෙන ලකුණු

වත්මන් රජයේ නොහැකියාව හමුවේ විපක්ෂයේ පක්ෂවල එකතු වීමක් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා...

මන්නාරම වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ...