24 C
Colombo
Friday, November 29, 2024

චීනයේ කාන්තාවන් අනාරක්ෂිතයි

- Advertisement -

චීනය තුළ කාන්තා අයිතීන් ඉතා අනාරක්ෂිත තත්ත්වයක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.‍

වයස අවුරුදු අටක දරුවකුගේ මවක් වූ කාන්තාවකගේ ගෙල දම්වැලකින් බැඳ එළිමහනේ ගැට ගසා අමානුෂික ලෙස වද හිංසා සිදුකිරීමේ සිදුවීමක් පිළිබද ‘ද නිව්යෝර්ක් පෝස්ට්‘ පුවත්පත පසුගියදා වාර්තා කර තිබිණ.

අදාළ හිංසනය මාධ්‍ය ඔස්සේ හෙළිදරව්වීමෙන් අනතුරුව ප්‍රාදේශීය බලධාරීන් එය හෙළාදකිමින් නිවේදන පහක් නිකුත් කර තිබුණ ද අදාළ කාන්තාවට මේ වනවිට සිදුව ඇත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් කිසිදු ප්‍රවෘත්තියක් වාර්තාවී නැතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.

වසර සියය සම්පූර්ණ කළ චීන කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන දේශපාලන සභිකයන් මිලියන 92 ක් සිටින බවත් ඉන් කාන්තාවන්ගේ නියෝජනය මිලියන 28 ක් බවත් අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.

එය ප්‍රතිශතයක් වශයෙන් සියයට තිහක් වන අතර සමස්ත රටේ ප්‍රධාන දේශපාලන තනතුරු දරන කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 9.33 ක් බවත් ඉන් සියයට 5.29 ක් නගරාශ්‍රිතවත් සියයට 3.23 ක් ප්‍රාදේශීය දේශපාලන තනතුරුත් දරණ බවත් එම පුවත්සේවය වැඩිදුරටත් අනාවරණය කර තිබිණි.

කෙසේ නමුත් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් චීනය තුළ ප්‍රමාණවත් සුරක්ෂිත භාවයක් නොපවතින බව එම විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...