චීනය විසින් ලෝහ වර්ග, කාන්දම්, ඛනිජ සහ තවත් දුර්ලභ ද්‍රව්‍ය කිහිපයක් අපනයනය කිරීම තාවකාලිකව නවතා දමා ඇති බව ‘නිව් යෝර්ක් ටයිම්ස්’ වාර්තා කරනවා.
ඒ, එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ යුද්ධය උත්සන්න වෙමින් ඇති පසුබිමකයි.
ලෝකය පුරා, මෝටර් රථ නිෂ්පාදකයින්ට අභ්‍යවකාශ නිෂ්පාදන ක්ෂේත්‍රයට මෙන්ම මිලිටරි සමාගම් සඳහා අවශ්‍ය කෙරෙන සැපයුම් බොහෝමයක් මෙලෙස අපනයනය නවතා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.
ඇමරිකාව විසින් හඳුන්වා දී ඇති නව තීරු බදුවලට එරෙහිව ප්‍රතිචාර දවමින් සිටින අතරම චීනය, අපනයන නියමානය කිරීම සඳහා නව පද්ධතියක් සකස් කරමින් පවතිනවා.
මෙම නව පද්ධතිය ස්ථාපිත කිරීමෙන් පසු චීනය ඇමරිකානු මිලිටරි කොන්ත්‍රාත්කරුවන් ඇතුළු ඇතැම් සමාගම්වලට භාණ්ඩ සැපයීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමටද ඉඩ කඩ පවතින බවද වාර්තා වෙනවා.
Related

චීනය විසින් නිෂ්පාදනය කර යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරන ඇලූමිනියම් නිෂ්පාදන සදහා නව අතිරේක බද්දක් හදුන්වාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ. ඒ චීනය විසින් අදාළ භාණ්ඩ ඔවුන්ගේ වෙළෙදපළ මිලටත් වඩා අඩු අගයකට අපනයනය කරමින් අන්තර්ජාතික වෙළෙද නීති උල්ලංඝනය කිරීම හේතුවෙනි. මේ යටතේ යුරෝපා රටවල් 27 ක් විසින් චීනයේ ඇලූමිනියම් නිෂ්පාදන…

මියන්මාරයේ සිදුවෙමින් පවතින මානව අයිතීන් උල්ලංඝණය කිරීම් කෙරෙහි ලෝකයේ ඇස් යොමු වී තිබියදීත්, චීනය එහි මිලිටරි පාලන තන්ත්රය සමඟ සම්බන්ධ වීමට උත්සාහ කරමින් සිටින බවත් ඒ වෙත යුධ උපකරණ අපනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් වාර්තා වේ මේ අතර, මියන්මාර හමුදාව පසුගිය වසරේ සිය විනාශකාරී කුමන්ත්‍රණය දියත් කළ දා සිට, එහි…

චීනය විසින් බාර්ලි සඳහා තීරු බදු ඉවත් කිරීමෙන් පසු ඩොලර් බිලියන ගණනක භාණ්ඩ අපනයනයට බලපා ඇති චීනය සමඟ ඇති වෙළඳ ආරවුල අවසන් වනු ඇතැයි ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු වන බව Voice of America (VOA) වාර්තා කරයි. ගල් අඟුරු, වයින් සහ හරක් මස් ඇතුළු ඕස්ට්‍රේලියානු භාණ්ඩ පරාසයක් සඳහා චීනය විසින් පනවන ලද වෙළඳ…