26 C
Colombo
Sunday, March 16, 2025

චීනයෙන් ඇෆ්ගනිස්ථානයට ඩොලර් මිලියන 31 ක් වටිනා ආධාර මල්ලක්

- Advertisement -

ඇෆ්ගනිස්ථානයට ආහාර සහ කොවිඩ්-19 එන්නත් ඇතුළු යුවාන් මිලියන 200 ක් (ඩොලර් මිලියන 31 ක්) වටිනා ආධාර ලබා දෙන බවට චීනය පොරොන්දු වී තිබේ.

තලේබාන් රජය සමඟ සම්බන්ධතා පවත්වා ගෙන යාමට චීනයේ කැමැත්ත ප්‍රකාශ වීමෙන් අනතුරුව මෙම ආධාර ලබා දීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානයේ සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව අන්තර්වාර රජය පිහිටුවීම අවශ්‍ය බව චීනය ප්‍රකාශ කර තිබේ.

තලේබාන් සංවිධානයේ තාවකාලික කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ නිවේදනය කරන ලද අතර, එම රට “ඉස්ලාමීය එමිරේට්” ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඇමරිකාව තලේබාන් රජයක් පිළිගැනීම තව බොහෝ දුරින් බවතින කරුණක් යැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරද්දී චීනය ඇෆ්ගනිස්ථානය වෙත කරන මැදිහත්වීම ඉක්මන් කිරීමේ පියවරක් ලෙස මෙම ආධාර ලබාදීම කඩිනම් කර ඇතැයි සඳහන් වේ.

ඇෆ්ගනිස්ථානයේ අසල්වැසියන් වන පාකිස්තානය, ඉරානය, තජිකිස්තානය, උස්බෙකිස්තානය සහ තුර්ක්මෙනිස්ථානය යන රටවල් සමඟ බදාදා පැවති හමුවකදී චීන විදේශ ඇමති වැන්ග් යි ඇෆ්ගනිස්ථානය සඳහා ආධාර ලබා දීම නිවේදනය කළේය.

ඇෆ්ගනිස්ථානයට උදව් කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඔහු මෙම රටවලින් ඉල්ලා සිටි අතර චීනය ද ඒ සඳහා එන්නත් මිලියන 3 ක් ලබා දෙන බව පවසන ලදී

RECENT ARTICLES - SINHALA

රනිල් ලංකාව පාවා දුන්නේ නැහැ – නාමල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට දේශපාලන වශයෙන් කුමන මතවාද තිබුණද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගොස් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පාවා නොදීම ගැන...

මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක්

රජ්‍ය සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපළ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන්...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කය...

POPULAR ARTICLES

රනිල් ලංකාව පාවා දුන්නේ නැහැ – නාමල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අපට දේශපාලන වශයෙන් කුමන මතවාද තිබුණද ඔහු ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගොස් ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය පාවා නොදීම ගැන...

උතුරු මැසිඩෝනියාවේ ගින්නකින් 59ක් මරුට

උතුරු මැසඩෝනියාවේ රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 59 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්නෙන් 118 දෙනෙකු තුවාල ලබා...

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 19 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 143,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට...