24 C
Colombo
Sunday, January 5, 2025

වසර ගණනාවකට පසු චීනය සම්පූර්ණයෙන් විවෘත වේ..!

- Advertisement -

කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා ඉවත් කරමින් විදෙස් සංචාරකයින් වෙනුවන් වසර 3කට පසුව සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට චීනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (15) සිට සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ශුන්‍ය කොවිඩ් පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි චීනය, ගෙවුණු වසරේ අගභාගයේදී කොවිඩ් සීමා ලිහිල් කිරීමට තීරණය කළේ ඊට එරෙහිව රටපුරා මතුවූ විරෝධතා රැල්ලට ප්‍රතිචාර ලෙසයි.

හෙට සිට රට සම්පූර්ණයෙන් සංචාරකයින්ට විවෘත කෙරෙන්නේ ද කොවිඩ් සීමා ලිහිල් කිරීමේ අවසන් පියවර ලෙසින්.

කෙසේ නමුත් චීනය මෙම පියවර ගෙන ඇත්තේ කොවිඩ් වෛරසයට අමතරව ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමක් නිසා වයඹදිග නගරයක් වන ෂියාන් වසා දැමීමක් ද සිදු කළ පසුබිමක වීම විශේෂයක්.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES