චීනය එරට තුළ ක්රියාත්මක මහා පරිමාණ අන්තර්ජාල සමාගම්වලට එරෙහි නීති සහ රෙගුලාසි තවදුරටත් දැඩි කරමින් සිටින බව වාර්තා වේ.
එරට වාර්තා සදහන් කළේ මෙම සමාගම් පාලක කොමියුනිස්ට් පක්ෂයේ පාලනයෙන් ගිලිහී දේශීය සහ අන්තර්ජාතික වශයෙන් ශක්තිමත් ස්වාධීන ආයතන ලෙස නැගී සිටීමට ඇති හැකියාව ඉහළයාම මෙම සීමා පැනවීමට හේතුවී ඇති බවයි.
අලිබාබා, ටෙන්සෙන්ට් ඇතුළු සමාගම් රැසකට සහ එහි හිමිකරුවන්ට මෙහිදී බලපෑම් එල්ල වෙමින් ඇති අතර එම සමාගම්වලට ඇමරිකාව, යුරෝපය ඇතුළු විදේශ රටවල ආයෝජනය කිරීමටත් ඒවායින් තාක්ෂණය ලබාගැනීමටත් අදාළව දැඩි සීමා පනවා ඇති බවත් විදෙස් වාර්තාවල දැක්වේ.
චීන බලධාරීන්ගේ සැලසුම වී ඇත්තේ මෙම දැවැන්ත සමාගම්වල ශක්තිය බිද දමා ඒ වෙනුවට තමන්ට පාලනය කළ හැකි කුඩා පරිමාණයේ සමාගම් ස්ථාපනය කිරීම බවද එරට වාර්තා සදහන් කරයි.