24 C
Colombo
Sunday, January 5, 2025

ණය තිරසරභාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවට චීනයෙන් අඛණ්ඩ සහය

- Advertisement -

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට උපකාර කරන ආකාරයටම ණය තිරසාරභාවය ළඟා කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබා දෙන බවට චීනය පවසනවා.

පසුගියදා බීජිං නුවරදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් මහතා මේ බව සඳහන් කළා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා චීන අගනුවර පැවති රාජ්‍යතාන්ත්‍රික උපදේශන වටය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් එම ප්‍රකාශකවරයා මේ බව පවසා ඇති බවයි වාර්තා වෙන්නේ.

චීනය පාර්ශ්වයෙන් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා උපරිමයෙන් සහයෝගය දී ඇති බවට චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් මහතා මේ මාධ්‍ය හමුවේදී පෙන්වා දී ඇති අතර, ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවයට සහය වීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට සූදානම් බවද සඳහන් කර තිබෙනවා.

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා සහාය දී තිබෙන බවත් ඒ ආකාරයටම  ශ්‍රී ලංකාවේ ණ්‍ය තිරසරභාවය සඳහාද සහය දීමට චීන රජය සූදානම් බවත් ලින් ජියාන් මහතා පවසා ඇති බව වාර්තා වෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික උපදේශනවල 13 වැනි වටය බීජිං නුවරදී සාර්ථකව අවසන් වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් ඒ අවස්ථාවට එක් වූ බවයි.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES