ඇෆ්ගනිස්තානයේ පර්වාන් ප්‍රාන්තයේ පිහිටි බග්රාම් ගුවන් තොටුපල සිය පාලනයට නතු කර ගැනීම සදහා චීනය සූදානම් වන බව වාර්තා වේ.
ඇමරිකානු හමුදා විසින් සංවර්ධනය කරන ලද බග්රාම් ගුවන් තොටුපල සෝවියට් දේශය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ සමයේ පිහිටුවන ලද්දකි.
කාබුල් අගනුවරට උතුරින් එහි සිට පැයක ගුවන් කාලයකින් ළඟාවිය හැකි බග්රාම් උපක්‍රමික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක් ලෙස සැළකේ.
එම ගුවන් තොටුපළ චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ සංවර්ධනය කර එය යුද සහ ආර්ථික වශයෙන් යොදාගත හැකි මූලස්ථානයක් බවට පත්කරගැනීම චීනයේ අපේක්ෂාව බව සදහන් වේ.
චීනය නිල වශයෙන් මෙම වාර්තා ප්‍රතික්ෂේප කර ඇතත් ඔවුන් දැනටමත් මීට අදාළ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් ඇති බවද විදෙස් වාර්තාවල දැක්වේ.