චීනයේ කාර්මික අංශය වසරේ මුල් මාස පහ තුළ වාර්ෂික ලාභයේ සැලකිය යුතු අඩුවීමක් අත්විඳින අතර, රටේ පශ්චාත් COVID ආර්ථික ප්‍රකෘතිය පුනර්ජීවනය කිරීම සඳහා අමතර ප්‍රතිපත්තිමය සහායක අවශ්‍යතාවය තවදුරටත් අවධාරනය කරයි.
ජනවාරි සිට අප්‍රේල් දක්වා සියයට 20.6ක හැකිලීමත් සමඟ වසරින් වසර සියයට 18.8ක ලාභ පහත වැටීම, විවිධ අංශ හරහා වේගවත්ව ගිලිහී යන ආර්ථිකයක් පිළිබිඹු කරයි.
සිල්ලර වෙළඳාම, අපනයනය, දේපල ආයෝජනය, සහ තරුණ රැකියා විරහිත අනුපාතය ඉහළ යාම ආර්ථිකයේ අඛණ්ඩ අභියෝග සංඥා කරයි.
ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (NBS) නවතම දත්ත අනුව අප්‍රේල් මාසයේ දී සියයට 18.2 ක පහත වැටීමකින් පසුව මැයි මාසයේ පමණක් කාර්මික ඉපැයීම්වල සියයට 12.6 ක පහත වැටීමක් සිදුව ඇතැයි අනාවරණය විය.
සේවා දර්ශකය ද ජුනි මාසයේදී 52.8 දක්වා පහත වැටීමක් පෙන්නුම් කළ අතර, දෙසැම්බර් මාසයේ දැඩි COVID-19 සීමා කිරීම් ලිහිල් කිරීමෙන් පසු එහි පහළම ස්ථානයට ළඟා විය.
ආර්ථික විද්‍යාඥයන් මුලින් ඉක්මන් ප්‍රකෘතියක් අපේක්ෂා කළ අතර COVID-19 සීමාවන් ලිහිල් කිරීමෙන් පසු චීනයේ ආර්ථිකය ගෝලීය වර්ධනය සඳහා මූලික ධාවකයක් ලෙස මතුවනු ඇතැයි විශ්වාස කළහ.
කෙසේ වෙතත්, මාස හයකට පසු, හෙළිදරව් වන්නේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදේශීය සමාගම් ඉපැයීම්වල සියයට 13.6 ක පහත වැටීමක් වාර්තා කර ඇති අතර පුද්ගලික අංශයේ සමාගම් සියයට 21.3 ක සැලකිය යුතු පසුබෑමක් දුටු බවයි.
ඛනිජ තෙල්, ගල් අඟුරු සහ ඉන්ධන සැකසුම් කර්මාන්තය වඩාත් සැලකිය යුතු පසුබෑමකට මුහුන දුන් අතර ලාභයේ සියයට 92.8 ක පහත වැටීමක් වාර්තා විය.