24 C
Colombo
Wednesday, January 8, 2025

චීනය මියන්මාරය හරහාත් ඉන්දියන් සාගරයට බැල්ම දමයි

- Advertisement -

චීනය විසින් ඉදිකරන ලද නව දුම්රිය මාර්ගයක් හේතුවෙන් මේ වන විට ඔවුන්ට මියන්මාරය හරහා ඉන්දියන් සාගරයට පිවිසීමේ අවස්ථාව උදාවී ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉරවඩි පුවත්පත වාර්තා කරන පරිදි, චීනය පසුගියදා මියන්මාර ෂින් ෂාවෙි හව් නගරය දක්වා වන දුම්රිය මාර්ගයක් විවෘත කර තිබේ.

මේ හරහා බටහිර චීනයේ චෙන්ග්ඩු නගරයත් , ⁣සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ යුනාන් ප්‍රාන්තයත් පහසුවෙන් ඉන්දියන් සාගරයට සම්බන්ධ කිරීමට හැකියාව ලැබී තිබේ.

එහිදී සිංගප්පූරුව ඇතුළු ඉන්දියන් සාගරය හරහා ප්‍රවාහනය කරන බහාලුම් මියන්මාරයේ රැන්ගුන් වරාය ඔස්සේ රටතුළට රැගෙන ගොස් පහසුවෙන් චීනයට රැගෙන යා හැකිවේ.

මේ ආකාරයට චීනය සෟජුව ඉන්දියන් සාගරයට ප්‍රවේශය ලබාගැනීම තුළ ඔවුන්ට විශේෂ ආර්ථික සහ භුදේශපාලනික වාසි අත්වන බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

RECENT ARTICLES - SINHALA

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

POPULAR ARTICLES

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන...

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය ලංකාවට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා...