උතුරු කොරියාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට චීනය පොරොන්දු වී තිබේ.
චීන ජනාධිපති ෂී ජින් පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත විශේෂ පණිවිඩයක් යොමුකරමින් අවධාරණය කර ඇත්තේ එරට වෙත සහයෝගය මෙන්ම මිත්‍රත්වයේ හස්තය දිගු කිරීමට තමන් සෑම අවස්ථාවකදීම සූදානම් බවයි.
උතුරු කොරියාවේ සංවර්ධන කටයුතු සදහා සහය ලබාදෙන බවට ද ජනාධිපති ෂී ජින් පින් මෙහිදී සහතික වී තිබේ.
යුක්රේන රුසියා අර්බුදය මැද පවා ජාත්‍යන්තර ප්‍රජාවේ විරෝධය නොතකා උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ටික අවි අත්හදාබැලීම වැනි කටයුතුවල නිරත වෙමින් සිටියි.
එවන් පසුබිමක චීන ජනාධිපතිවරයා උතුරු කොරියාවට මෙළෙස සිය සහය පළකිරීම විශේෂ සැළිකිල්ලකින් යුතුව අවධානය යොමු කළ යුතු තත්වයක් බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.