26 C
Colombo
Thursday, May 1, 2025

චීන – ශ්‍රී ලංකා සබඳතා තවත් තර කරන බව චීන තානාපති කියයි

- Advertisement -

චීන සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීමට මේ වසරේදී කැපවන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා පවසනවා.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (5) හමුවූ අවස්ථාවේදීයි.

චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කතානායක) ලී ෂන්සු මහතා නව වසර සඳහා එවා තිබූ සුභ පැතුම් පණිවිඩය චීන තානාපතිවරයා විසින් කතානායකවරයාට පිළිගන්වනු ලැබීමද මෙහිදී සිදු විය.

චීනය නිරතුරුව ශ්‍රී ලංකාව‍ට ලබා දෙන සහය පිළිබදව කතානායක වරයා මෙහිදී සිය ස්තූතිය පළ කරන ලදි.

මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී විය.

RECENT ARTICLES - SINHALA

නලින්දගේ කතාවට වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් විරෝධයක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්...

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

POPULAR ARTICLES