චීනයේ ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු එහි ටැංකියකට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
සින්ග්ටාවෝ (Tsingtao) නම් මෙම සමාගම චීනයේ ඉහළම බියර් නිෂ්පාදකයෙකු මෙන්ම විශාලතම බියර් අපනයනකරුද වෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා දින අන්තර්ජාලයට එක් කර තිබූ වීඩියෝවේ හිස්වැස්මක් පැළඳ සමාගමේ නිල ඇඳුමෙන් සැරසී සිටි සේවකයෙකු උස් තාප්පයක් මතට නැඟී එය තුළට මුත්‍රා කිරීමට පෙර කන්ටේනරයට ඇතුළු වන අයුරු දැක්වෙනවා.
කෙසේවෙතත් මෙම වීඩියෝව මිලියන ගණන් ජනතාව අතර හුවමාරුවීමත් සමඟ බලධාරීන් විසින් එම අමුද්‍රව්‍ය තොගයට මුද්‍රා තබා තැබීමට කටයුතු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම සිදුවීම අදාළ සමාගමේ බියර් නිෂ්පාදනයට සහ අලෙවියට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවයි.