26 C
Colombo
Saturday, April 26, 2025

හරවා යැවූ චීන පොහොර නැව මාර්තු මාසයේදී නැවතත් ලංකාවට

- Advertisement -

භාවිතයට නුසුදුසු බව හෙළිවීම නිසා හරවා යැවූ චීන පොහොර තොගය වෙනුවට වෙනත් කාබනික පොහොර තොගයක් රැගත් පළමු නෞකාව ලබන පෙබරවාරි මාසය අවසානයේදී හෝ මාර්තු පළමු සතිය වන විට මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

එම නෞකාව මගින් මෙට්‍රික් ටොන් 8,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිත අතර රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව එම පොහොර තොග මෙරටට රැගෙන ඒමට නියමිත වනවා.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් පසුගියදා ලබාදුන් නියෝගයන්ට අනුව බේරුම්කරණ ක්‍රමවේදය යටතේ මහජන බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් චීන සමාගම සඳහා ඊයේ (07) ගෙවනු ලැබීය.

අදාළ චීන සමාගමෙන් පොහොර මෙට්‍රික්ටොන් 96,000 ක් මෙරටින් මිලදී ගැනීමට නියමිතව ඇති අතර අවස්ථා කිහිපයකදී එම තොග මෙරටට රැගෙන ඒමට නියමිත වනවා.

මෙලෙස චීනයෙන් ආනයනය කරන පොහොර තොග මීළඟ කන්නය සඳහා භාවිතයට ගැනීමට නියමිත බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පවසනවා.

මේ අතර, ඉන්දියාවෙන් දියර පොහොර ලීටර් ලක්ෂ 4 ක් මෙම මස අවසානයේදී මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

ඒ අනුව, නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතල් මිලියනයක් දිවයින පුරා බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පවසන්නේ.

ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලිටර් ලක්ෂ 3 ක් මේ වන විට බෙදාහැර අවසන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, යම් සේවකයෙකු විසින්...

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව...

‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. දියවඩන නිලමේවරයා...

POPULAR ARTICLES