27 C
Colombo
Wednesday, January 15, 2025

නීතිපති දෙපාර්තමේන්තුවේ විද්යුත් පුස්තකාලයේ සමරු පලකයට චීන භාෂාව

- Advertisement -

පසුගියදා විවෘත කරන ලද නව නීතිපති කාර්යාලයේ E පුස්තකාලයෙහි සමරු ඵලකය හරහා ජාතික භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වී ඇති බවට චෝදනා එල්ලවනවා.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් මහතා විසින් අදාළ සමරු ඵලකය විවෘත කර තිබෙනවා.

එම ඵලකයට අනුව ප්‍රථමයෙන් සිංහල භාෂාවත් දෙවනුව ඉංග්‍රීසි භාෂාවත් තෙවනුව චීන භාෂාවත් යොදා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ඵලකයෙන් දෙමළ භාෂාව ඉවත්වී ඇති අතර ඒ වෙනුවට චීන භාෂාව ආදේශනය වී ඇති බව දක්නට ලැබෙනවා.

මේ පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ අදාල ඉලෙක්ට්‍රොනික පුස්තකාලය චීන රජයේ හා චීන ජනතාව විසින් සපයන ලද අරමුදල්වලින් තැනූ ස්ථානයක් බවයි.

එම නිසා අදාළ සමරු ඵලකයට චීන භාෂාව යොදාගනිමින් චීනය කෙරෙහි දැක්වූ කාරුණිකභාවය ඉතා අගය කොට සලකන බවයි තානාපති කාර්යාලය සදහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

සංවර්ධනයේ නව යුගයකට ලංකාව එක්ව කටයුතු කරන්න චීනය සූදානමින්

චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ හමුවුණා. එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව...

මට අවසර දෙන්න අර්චුනා ඉල්ලයි

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට සීමිත විරෝධතා ගොනුකිරීම සඳහා අවසර...

විනිසුරු නිශ්ශංක බන්දුලට දෝෂාභියෝගයක්

අභියාචනාධිකරණයේ වත්මන් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව රජය විසින් දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සූදානම්ව සිටිනවා. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා...

POPULAR ARTICLES

සංවර්ධනයේ නව යුගයකට ලංකාව එක්ව කටයුතු කරන්න චීනය සූදානමින්

චීනයේ සිවුදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා අද (15) පස්වරුවේ හමුවුණා. එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව...

මහීෂ් තීක්ෂණ ICC ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ...