‘Sex තමන්ගේම ගවේෂණයක් කරන්න පුළුවන් විදියේ වින්ඩෝ එකක්. ඒක හරිම රොමෑන්ටික් දෙයක්. එහෙත්, ඒ වගේම ඒක අවදි කරන සහ බැරෑරැම් දෙයක්.’ ලංකාවේ කලා, සාහිත්‍ය අවකාශයේ දක්නට ලැබෙන ක්‍රියාකාරිනියක වන රන්දුලා සිල්වා ලිංගිකත්වය පිළිබඳ එහෙම කියා තිබුණා.
ඒ විවාහ වී එකට ජීවත්වෙන යුවළක් විවෘතව ලිංගිකත්වය ගැන කතාබහ කළ අපූරු සම්මුඛ සාකච්ඡාවකදී.
චින්තන ධර්මදාසගේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් යූටියුබ් නාළිකාවෙන් ලිංගිකත්වය පිළිබඳ සිදුකරන සම්මුඛ සාකච්ඡා මාලාවක පළවැනි සාකච්ඡාවේදී රන්දුලා සිල්වා එලෙස අදහස් දක්වා තිබුණා. රන්දුලා වසර අටක් තිස්සේ චින්තන ධර්මදාසගේ පෙම්වතිය. මේ දෙදෙනා විවාහ වී සිටියත්, දෙදෙනාගේ විවාහය වඩා නිදහස් ආරේ එකක් බව දෙදෙනා ප්‍රසිද්ධියේ පවසනවා.
ඇගේ අදහස් අනුව Sex කියන්නේ ශරීරයට දැනෙන දෙයක්ම නෙවෙයි. අපට රස කියන සංකල්පය දිවට දැනෙන රස විදියටම විස්තර කරන්න බෑ. ඒක තවත් බොහෝ දේවල්වල එකතුවක් වෙන්න පුලුවන්. ලිංගිකත්වයත් ඒ වගෙයි. අන්තිමේදී ඒ අත්දැකීම අතිශය පෞද්ගලික දෙයක්. සෙක්ස් කරනකොට ඒක බෙදාගන්න ඉඩ තියෙනවා. ඒත්, ඒක පෞද්ගලිකව විඳින දෙයක්.
ඒක සිතින් පවත්වන ලිංගික සම්බන්ධතාවක් වෙන්න පුළුවන්. ඒක සමහරවිට අනුරාගී කතාබහක් වෙන්න පුළුවන්. නැත්නම් සෑහෙන සංකීර්ණ කතාබහක් වෙන්නත් පුළුවන්. ඕනෑම දෙයක් වෙන්නත් පුළුවන්. අකමැති දෙන්නෙක් අතරේ තියෙන ගැටුමක් පවා ලිංගිකත්වය වෙන්න පුළුවන්.
සම්පූර්ණ සාකච්ඡාව මෙතැනින්…