27.9 C
Colombo
Saturday, April 5, 2025

ලංකාවට බේරූට්වලින් චොකලට් කම්හලක් එයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ චොකලට් කර්මාන්තායතනයක් ආරම්භ කීරිම සඳහා ඇති හැකියාව සොයා බැලීමට බේරූට් හා මවුන්ට් ලෙබනන්හි වානිජ්‍ය හා කෘෂිකර්ම මණ්ඩලයේ සභාපති මොහොමඩ් චෞකෙයාර් මහතාගේ අවධානය යොමුව ඇත.

ලෙබනනයේ බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිවරිය මොහොමඩ් චෞකෙයාර් මහතා හමු වී කළ සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.

ලෙබනනයේ හිටපු විදුලි සංදේශ අමාත්‍යවරයකුද වන මොහොමඩ් චෞකෙයාර් මහතා, අනාගත ආයෝජන සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි අයෙකු ලෙස පිළිගැනේ.

ලොව පුරා ඉතා සාර්ථක චොකලට් කර්මාන්තයක් පවත්වාගෙන යන සභාපති චෞකෙයාර් මහතා, හැරෝඩ්ස් සමාගමෙහි සැපයුම්කරුවෙකු වන අතර, ලොව පුරා අලෙවිසැල් 1000 කට අධික ප්‍රමාණයක් හිමිකරගෙන සිටී. ඔහු දකුණු ආසියාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ අතර, ආසියාවේ චොකලට් පරිභෝජනය පිළිබඳව සාකච්ඡා කළේය. ඔහු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කළ අතර, තම වාණිජ මණ්ඩලය සහ තානාපතිවරිය අතර පසු විපරම් රැස්වීම් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

හම්රා හි විශාල ගොඩනැගිල්ලක පිහිටි බේරූට් සහ මවුන්ට් ලෙබනන් හි වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ මූලස්ථානය, සුප්‍රසිද්ධ කලාකරුවන්ගේ නිර්මාණවලින් අලංකාර කොට ඇත. මෙහිදී සභාපතිවරයා ගොඩනැගිල්ල පුරා ඇති විවිධ කලාකරුවන්ගේ නිර්මාණ තානාපතිවරියට පෙන්වා දී ඒවා සම්බන්ධ පැහැදිලි කිරීම් ද කර ඇත.

ශ්‍රී ලංකාවේ කලාව පිළිබඳව විමසූ සභාපතිවරයා, තමා දෙවරක් ශ්‍රී ලංකාවට ගිය බවත්, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, පිරිසිදුකම සහ දක්ෂ ශ්‍රම බලකාය පිළිබඳව ඔහු බෙහෙවින් සතුටු වන බවත් තානාපතිවරියට දන්වා සිටියේය.

සභාපතිවරයා බේරූට් සහ වාණිජ මණ්ඩලය නම් වූ ග්‍රන්ථයක් තානාපතිවරියට මෙහිදී තෑගි කළේය.

ලංකා තේ සහ තේවලින් වර්ණ ගන්වන ලද මුහුණු ආවරණ නොමිලයේ බෙදා හැරීම සඳහා බේරූට් සහ මවුන්ට් ලෙබනන් හි ලෙබනන් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය වෙත චාරිත්‍රානුකූලව භාර දීමද මෙම හමුවේදී සිදු විය.

දෙවැනි ලේකම් ටී. ලක්ෂ්මිධරන් මහතා (ශ්‍රම), අනුෂ්යා සුමනවර්ධන මහත්මිය (සහායක), ප්‍රිමාලි රත්නතුංග මහත්මිය, ජී. එස්. හෙට්ටිආරච්චි මහතා සහ ටී. බී. සමරකෝන් මහතා යන නිලධාරීහු තානාපතිවරිය සමඟ මෙම හමුවට එක් වූහ.

(මූලාශ්‍රය – අද දෙරණ ව්‍යාපාර වෙබ් අඩවිය.)

RECENT ARTICLES - SINHALA

ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනේ

ඉන්දීය - ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. ඒ අනුව එහිදී බලශක්ති...

කොළඹ විරෝධතාවයකට අධිකරණයෙන් නියෝගයක්

කොළඹදී අද (05) සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. ඒ , පෙරටුගාමී...

අගමැති මෝදි ජනාධිපති කාර්යාලයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ තිබෙනවා. ජනාධිපති කාර්යාලය වෙත...

POPULAR ARTICLES