ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී රනිල් වික්‍රමසිංහ දිනවීමට ගිය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නැවත නාමල් රාජපක්ෂ දිනවීමට පැමිණෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ද විශාල සංඛාවක්ද ප්‍රේමලාල් ජයසේකර මහතා සමඟ නාමල් රාජපක්ෂ දිනවීමට එකතුවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී ද සිල්වා මහතාද යළිත් නාමල් රාජපක්ෂ මහතා හට සහය පලකිරීමට පැමිණියා.