25 C
Colombo
Saturday, January 11, 2025

ෆ්ලයිට් එක වෙනුවට ෆයිට් එක තෝරගන්න..! – සජිත්, තරුණයන්ගෙන් ඉල්ලයි

- Advertisement -

රට දැවැන්ත අර්බුධයකට පත්ව ඇති අවස්ථාවක රට අතහැර නොයන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, සමගි ජන බලවේග තරුණ වෘත්තීයවේදීන්ගේ හමුවක් අමතමින්.

රට විනාශ කළ හොර වංචනිකයන්ගෙන් තොර ජනතාවගේ කැමැත්ත දිනා ගත් පාර්ලිමේන්තු බහුතරයකගෙන් සමන්විත නිවැරදි දර්ශනයක් සහිත නව සන්ධානයක් සමඟ එකට එකතු වී ඉදිරි වසර 5ක කාලය තුළ රට ගොඩ නැගීමට ශ්‍රමයෙන්, බුද්ධියෙන්, දැනුමෙන්, හැකියාවෙන් දායක වන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටින්නේ.

රටේ බලය තාවකාලිකව බාරගත් දොරටුපාලකයන් පවා බලය අනිසි ලෙස භාවිත කිරීම නිසා අධි උද්ධමනය සහ විරැකියාව ඇති වී ජනතාවගේ සිතුම් පැතුම් පවා බිඳ වැටී ඇති බව ඔහු පවසනවා.

මීට වසර කිහිපයකට පෙර දරුණු ලෙස ගෝත්‍රික සටන් හේතුවෙන් ලක්ෂ 8කට ආසන්න ජීවිත අහිමි වූ රුවන්ඩාව අද අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්ව ඇත්තේ එරට පාලකයන් සහ බුද්ධීමතුන් ගත් නිවැරදි තීන්දු තීරණ නිසා බවත් එය ආදර්ශයක් ලෙස ගෙන අප රටේත් සිටින බුද්ධිමතුන්, විශේෂඥයන්ගේ දැනුම රට ගොඩනැගීමේ කාර්යට යොදා ගැනීමට මනා වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් ඔහු අවධාරණය කරනවා.

ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එය ක්‍රියාත්මක කිරීම දක්වා කාර්යයට සමගි ජනබලවේග රජයක් යටතේ බුද්ධිමතුන්ගේ, වෘත්තීයවේදීන්ගේ, විශේෂඥයන්ගේ දැනුම, පළපුරුද්ද හා හැකියාව යොදා ගනු ලැබුවත් එය තවත් වියත් මගක් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජයේ වියත්මග විසින් ජනතාව මිත්‍යාවෙන්, බොරුවෙන්, වංචාවෙන් නොමග යැවූ බව යි.

එබැවින් 2019 බහුතරයක් හසු වූ බොරුවට තව තවත් හසු නොවී මාස 6න් 10න් රට ගොඩනගන බවට වන රැවටීම්වලට හසු නොවී ඉදිරි වසර 5ක කාලය තුළ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සමග එකට එකතු වී නැවතත් රට ගොඩ නැගීමට එක්වන ලෙසයි සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

රජයේ සියලු දත්ත ඒකාබද්ධ කරන්න නව පනතක්

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහා නව සංඛ්‍යා ලේඛන පනතක් සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසනවා. ‘මව්බිම’...

Clean Sri Lanka ගැන ඉහළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් සියලු රාජ්‍ය සේවකයින් ලබන 25 වැනිදාට පෙර දැනුවත් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබා දී...

ධනංජයගේ සහෝදරයා රිමාන්ඩ්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනවාරි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර...

POPULAR ARTICLES