25 C
Colombo
Friday, January 24, 2025

රනිල්ව තෝරාගැනීම නිවැරදි තීරණයක් – බැසිල් රාජපක්ෂ

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු රටේ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කරගැනීම නිවැරැදී තීරණය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

පක්ෂය ආරම්භ කර වසර 4ක් සපිරීම නිමිත්තෙන් එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද (05) පැවැති සැමරුම් අවස්ථාවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ.

ඒ මහතා කියා සිටින්නේ ඉදිරියේ දී රටේ ආර්ථිකය සහ අනෙකුත් ගැටළු ඉදිරියේ දී විසදෙනු ඇති බවයි.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බෙදී ගොස් ඇති බවට විවිධ පාර්ශ්ව පැවසුවත් එහි සත්‍යතාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ප්‍රකාශ කරන්නේ අදටත් තම පක්ෂයේ සභාපතිවරයා ජී. එල් පිරිස් මහතා බවයි.

පක්ෂයේ පාඨය “වෙනස්ව සිතන්න – බිය නොවන්න” යන්න බවත් ඒ බව ජී. එල්. පිරිස් මහතා පෙන්වා දී ඇති බව මෙහිදී පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ පක්ෂ විපක්ෂ සෑම කණ්ඩායමකටම නිදහස් දේශපාලනය කිරීම සඳහා ඉඩ ලබාදිය යුතු බවයි.

බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කර සිවුවසරක් පිරීම නිමිත්තෙන් එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී අද (5) පෙරවරුවේ පැවැති සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

RECENT ARTICLES - SINHALA

පොල් කිරි, පොල් සම්බෝල කතාවේ ඇත්ත නැත්ත

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ සිටම මෙරට තුළ පවතින පොල් හිඟය මෙන්ම සහ පොල් මිල ජනතාවට දැරිය නොහැකි ලෙස අධිකව ඉහළ ගොස් ඇති පසුබිමක ලාංකිකයන්ගේ...

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 වසරේ පැවැත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

Breaking: 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ https://www.doenets.lk was www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීම හරහා එම ප්‍රතිඵල ලබා ගතහැකි...

POPULAR ARTICLES