32 C
Colombo
Monday, February 17, 2025

සුදුළූණු ලිපිය ගැන හොයන්න ලංකාදීපයට CID එයි

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප ප්‍රධාන කාර්යාලයට අද (28) පෙරවරුවේ පැමිණි බව එහි සේවකයින් පවසනවා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ ලිපිය සම්පාදනය කළ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමට බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ සිරි රණසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ මෙම කරුණ සම්බන්ධයෙන් තමන් පිළිතුරු දීමට සූදානමක් නොමැති බවයි.

ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා වෙනත් දිනයක නැවතත් පැමිණෙන බවට දැනුම්දීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අද (28) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම පිළිබදව රජය කණගාටුවට පත්වන බවයි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයකින් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමක් සිදු නොකරන බවටත් මෙම කරුණ පිළිබදව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මැදිහත්වී ඇතිබවත් අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලංකාදීප පුවත්පත් මාධ්‍යවේදීන්ව ප්‍රශ්න කිරීමට එම කාර්යාලයට යෑම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

විශ්‍රාම වැටුප අදියර 03කින් ඉහළට

විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000කින් වැඩි කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නමුත් 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම...

වැඩිහිටි දීමනාව ඇතුළු සුබ සාධන වියදම් ගැන තීරණයක්

වකුගඩු රෝගීන්ගේ, ආබාධිතවූවන්ගේ සහ වැඩිහිටි දීමනාව මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා...

Breaking: රාජ්‍ය සේවකයන්ට අනුරගෙන් ඓතිහාසික වැටුප් වැඩිවීමක්

2025 අයවැය මඟින්, රාජ්‍ය සේවක අවම වැටුප රුපියල් 15, 750කින් වැඩි කර තිබෙනවා. "රාජ්‍ය සේවයේ මූලික වැටුප් සංශෝධනයක් සිදු කොට දශකයකට ආසන්න කාලයක් ගත වී...

POPULAR ARTICLES

රජයේ සුපිරි වාහන විකුණන්න ටෙන්ඩර් කැඳවයි

ජනාධිපති කාර්යාලය සතු අධි සුඛෝපභෝගී වාහන 18ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන වාහන 8ක්  සහ වාහන අමතර කොටස් අලෙවි කිරීම වෙනුවෙන් ජනපති කාර්යාලය විසින්...

විශ්‍රාම වැටුප අදියර 03කින් ඉහළට

විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000කින් වැඩි කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නමුත් 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම...

වැඩිහිටි දීමනාව ඇතුළු සුබ සාධන වියදම් ගැන තීරණයක්

වකුගඩු රෝගීන්ගේ, ආබාධිතවූවන්ගේ සහ වැඩිහිටි දීමනාව මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා...