ඇප මත නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පානදුර මහ අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබෙනවා.
ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස “කුඩු සළිඳු” නැමැත්තාට මහා අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබුණා.
එහෙත් ඔහු පෙරේදා (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැති බව සඳහන්.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහා අධිකරණය හමුවේ ඊයේ (23) කරුණු වාර්තා කළා.
එම කරුණු සැලකිල්ලට ගෙන “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණා.