31 C
Colombo
Friday, July 5, 2024

පියුමිගේ ක්‍රිම් බෙදන සමාගමෙන් CID ප්‍රකාශ අරන්

- Advertisement -

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට අයත් පෞද්ගලික ආයතනයේ කුරියර් සේවයේ සේවය කළ පුද්ගලයන් සිවු දෙනෙක්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27 ) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙ බවට වාර්තා වනවා.

මෙම කුරියර් සමාගමේ ප්‍රධානියා ඇතුළු සිවු දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (26 ) අවසර ලබාදුන්නා.

අසීමිත ධනස්කන්ධයක් ඉපයීම සම්බන්ධයෙන් පියුමි හංසමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී මූල්‍ය විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව හංසමාලිට අයත් බව පැවසෙන සම පැහැපත් කරන ආයතනයේ කුරියර් සේවය භාරව සිටි නිලධාරියා කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.

එහෙත් එම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොපැමිණි අතර අධිකරණයෙන් ඊට අවසර ලබා ගැනීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව ඊයේ පෙරවරු 10.00 ට පමණ මෙම කුරියර් ආයතනයේ ප්‍රධානියා ඇතුළු සිවු දෙනකු නීති විරෝධී වත්කම් ඒකකය හමුවේ පෙනී සිටි අතර ඊයේ සවස් වනතුරුම ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලූ පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් කිහිපයක්

දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

මාදම්පේ බස් අනතුරින් මියගිය ගණන ඉහළට

මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී ඊයේ(04)දා උදේ සිදුවූ මාරක බස් ලොරි අනතුරින් මියගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති බව මාදම්පේ පොලිසිය පවසනවා. මෙම අනතුරින් ළංගම බස්...

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

පොලිස් අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකුට පොලීසිය වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් ත්‍රීරෝද රථයක් අනතුරට ලක් කර මෝටර් රථයකින්...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ඩොලරය පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ ඩොලරය පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 300.39ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම්...