29.2 C
Colombo
Wednesday, April 9, 2025

ජනපති අරමුදලෙන් සල්ලි ගත් මැති ඇමතිවරු ගැන CID පරීක්ෂණ

- Advertisement -

2008 සිට 2024 දක්වා කාලය තුළදී ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීමට ගොස් අගතියට පත්වූවේ නම් ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව දැනුම්දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉකුත් 2008 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමට අදාළව හිටපු මැතිඇමතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් විසි දෙදෙනෙකු සම්බන්ධන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම විමර්ශනවලට සමගාමීව සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා, අදාළ අගතියට පත්වූ පිරිස් සිටීනම් එම පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය විසිනුයි මෙම ඉල්ලීම සිදුකර තිබෙන්නේ.

එම දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

විමර්ශනයට අදාළව ජනාධිපති අරමුදලේ ගිණුමෙන් නිකුත් කරන ලද චෙක්පත් පිළිබඳ විස්තර ලබාගැනීම සඳහා විමර්ශන නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය (02) දා නියෝගයක් ද ලබාගෙන තිබුණා.

ඒ අනුව අදාළ අරමුදලින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් වූ ලිපිගොනු 22ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

එම ගොනුවලට අනුව මහජන නියෝජිතයන් විසි දෙදෙනෙකු විවිධ මුදල් ප්‍රමාණයන් වශයෙන් රුපියල් කෝටි 10කට අධික මුදලක් ලබාගෙන ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

ඒ අතරින් කෙහෙලිය රඹුක්වැල්ල, දි.මූ. ජයරත්න හා ටී.බී. ඒකනායක යන මහත්වරුන් නැවත ලබාදෙන පදනමින් අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අතර ඔවුන් නැවත එම මුදල් පියවා ඇත්ද යන්න පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මකයි.

මුදල් ලබාගත් මහජන නියෝජිතයින් ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව විමර්ශන නිලධාරින් පවසනවා.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව ඇපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09)...

තුන්කොන් එක්දින තරඟයට යන ශ්‍රී ලංකා A සංචිතය මෙන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන  ශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතයේ නායකා වන්නේ, සදීර...

Breaking : වැලිකඩ පොලිස් භාරයේදී මියගිය තරුණයාගේ සිරුර ගොඩගන්නැයි නියෝගයක්

පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත්...

POPULAR ARTICLES