මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට 26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙසැම්බර් 01 වන දින ආරම්භ කර ඇත.
බන්ධනාගාර රෝහලේ සේවය කළ වෛද්‍යවරු 8ක්, හෙද නිලධාරින් 02 ක්, බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් 10 ක් සහ සුළු තුවාල ලබා රාගම රෝහලෙන් ප්‍රතිකාර ලබා නැවත මහර බන්ධනාගාරය වෙත පැමිණි රැඳවියන් 06 ක්ද ප්‍රකාශ ලබා ගත් පිරිසට අයත් බව ඒ මහතා පැවසීය.