ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ ඊයේ (19) පස්වරුවේ පැය 4කට අධික කාලයක් මෙලෙස ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවයි.
මේ වන විට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධව දැනට 15 දෙනෙක්ගේ පිළිබඳව සැකයක් මතුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30කට අධික පිරිසකගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර ඝාතනය සම්බන්ධ විමර්ශනයේ දී ෂාෆ්ටර්ගේ සමීපතමයන් කිහිපදෙනෙක් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව ඇති බවයි.