ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල ෆේස්බුක් ගිණුමේ (www.facebook.com/ceypetco) පලකර තිබූ දෑ සියල්ල මේ වන විට ඉවත්කර තිබෙනවා.
ඉන්ධන බෙදාහැරෙන පිරවුම්හල් ඇතුළු යාවත්කාලීන වන තොරතුරු රැසක් එහි අද (17) දහවල් වන විටත් පලකර තිබූ අතර මේ වන විට ඒවා සියල්ල මකාදමා ඇති බව දැකබලාගත හැකියි.
එහි අවසාන සටහන ලෙස දැක්වෙන්නේ පසුගිය මාර්තු 08 වනදා එවක බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩභාරගැනීමට අදාළව පලකරන ලද සටහනක්.
මීට අමතරව ලංකා ඛනිජ තෙල් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පලකර තිබූ ඉන්ධන බෙදාහැරීමේ ලැයිස්තුද මකා දමා තිබෙනවා.
ඊට අදාළ වෙබ් පිටුවද (ceypetco.gov.lk/fuel-distribution) මේ වන විට ඉවත්කර ඇති අතර මේ හේතුවෙන් හෙට දිනයේ ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් කිසිවක් පිළිබදව තොරතුරු ලබාගැනීමට මහජනතාවට නොහැකිවී තිබෙනවා.