31 C
Colombo
Thursday, January 30, 2025

රු. 5,000 ගෙවීමට අදාල චක්‍රලේඛය නිකුත් කෙරේ

- Advertisement -

රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් එම චක්‍රලේඛය අද (13) නිකුත් කර ඇත.

මාසික වැටුප් ලබන ස්ථිර / තාවකාලික සහ කොන්ත්‍රාත් නිලධාරීන්ට දෛනික වැටුප් ලබන නිලධාරීන්ට සහ විශ්‍රාමිකයන්ට මෙම දීමනාව සඳහා හිමිකම් පවතිනවා.

වැටුප් රහිත නිවාඩු ලබා සිටින නිලධාරීන්ට මෙම දීමනාව සඳහා හිමිකමක් ලැබෙන්නේ නැහැ. අඩ වැටුප් නිවාඩු ලබා ඇති නිලධාරීන්ට හිමිවන්නේ මෙම දීමනාවෙන් අඩක් පමණයි.

දෛනික වැටුප් ලබන පුද්ගලයන් සඳහා සේවයට වාර්තා කළ යුතු සම්පූර්ණ දින ගණනම සේවයට වාර්තා කර ඇත්නම් සම්පූර්ණ දීමනාව ගෙවිය යුතු අතර එසේ සේවයට වාර්තා කර නොමැති නම් සේවයට වාර්තා කළ දින ගණනට අනුපාතිකව දීමනාව ගෙවිය යුතුයි.

කිසියම් අයෙක් විශ්‍රාම වැටුප් කිහිපයක් හෝ විශ්‍රාම වැටුප සමග වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුපක් හෝ ලැබුව ද එවැනි අයෙකුට හිමිවන්නේ ද මාසයකට රුපියල් 5000ක ඉක් දීමනාවක් පමණයි.

පවතින විධි විධාන අනුව නැවත සේවයේ යොදවා ඇති විශ්‍රාමිකයින් සඳහා හිමිවනුයේ විශ්‍රාම වැටුප සමග හිමිවිය යුතු දීමනාව පමණක් බව සඳහන්.

විශ්‍රාමිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම පිළිබඳ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් වැඩිදුර පැහැදිළි කිරීම් ලබාදෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රීගේ දුරකථනය රජයේ රස පරීක්ෂකට

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය...

මාලිමා ක්‍රියාකාරිනියන්ට ජල ප්‍රහාර එල්ල කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

ඉකුත් වසරේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැති අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ විරෝධතාවක නිරතව සිටි ජාතික ජන බලවේගයේ කාන්තා සාමාජිකයින්ට ජල ප්‍රහාර එල්ල...

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් අත්අඩංගුවට

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ මහතාව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2011 වසරේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන්...

POPULAR ARTICLES