රාජ්‍ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්‍යාව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී සියයට 2.9කින් අඩුවී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක් උපුටා දක්වමින් ‘දිවයින’ මේ බව වාර්තා කරනවා.
ඉකුත් වර්ෂය (2023) අවසානය වන විට රාජ්‍ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්‍යාව 1,353,860ක් බව සඳහන්.
නව බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීම, නව තනතුරු ඇති කිරීම අඩු කිරීම සහ විශ්‍රාම ගැන්වීම රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව 2023 වර්ෂයේ දී අඩුවීමට හේතුවී ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම ඉකුත් වර්ෂය (2023) අවසානය වන විට අනුමත කළ මුළු තනතුරු සංඛ්‍යාව අනුව සේවක සංඛ්‍යා උපයෝජන අනුපාතය සියයට 77කි. 2022 වර්ෂය හා සැසඳීමේ දී එය සියයට හතරක අඩුවීමක්.
රජයේ වියදම අඩු කර ගැනීම සම්බන්ධයෙන් රජය විසින් පනවා ඇති සීමා සේවක සංඛ්‍යා උපයෝජනය අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ද මෙකී වාර්තාවේ සඳහන්.