රාගම වෛද්‍ය පීඨයේ පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි 9 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, එම සැකකරුවන් 9 දෙනා අද දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේදීයි.
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් පසුගිය පළමු වැනිදා සිදුකළ මෙම පහරදීමෙන් වෛද්‍ය සිසුන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ 23 හැවිරිදි පුත්‍රයා සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙකු ඇතුලු 06 දෙනෙකු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි වත්තල මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් පසුගියදා නියෝග කළේ.