28.6 C
Colombo
Friday, April 11, 2025

ඇඳුම් රට යැවීම මේ මාසේත් කඩාවැටුණ හැටි

- Advertisement -

කොවිඩ්-19 වසංගතය පැමිණීමෙන් පසු ලංකාවේ අපනයන ආදායම දිගින් දිගටම අඩු වුණා. පසුගිය සතියේ එළිදැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත අනුව 2019 නොවැම්බර් මාසයේ ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 747.58ක්. එය ඊට පෙර අවුරුද්දේ නොවැම්බර් මාසයට වඩා සීයට 21ක අඩුවක්.

ඒත් නොවැම්බර් මාසයට කලින්, ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේදී තිබුණු අවුරුද්දෙන් අවුරුද්දට කඩාවැටීම සීයට 15ක් පමණයි. ඒ කියන්නේ 2019 ඔක්තෝබර් මාසයට වඩා 2020 ඔක්තෝබර් මාසයේදී කඩාවැටී තිබුණේ සීයට 15කින් විතරයි.

මේ දත්තවල තවත් පැත්තකින් බැලුවොත් යහපත් ලක්ෂණයක් පේනවා. ඒ තමයි මාසෙන් මාසෙට කඩාවැටීම. 2020 සැප්තැම්බර් ඉඳන් 2020 ඔක්තෝබර් වෙනතුරු මාසේ කඩාවැටීම සීයට 15ක්. ඒත් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් වෙනතුරු කඩාවැටීම සීයට 15ක් විතරයි.

මේ අවුරුද්දේ ගෙවුණු මාස 11දී ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 8.98ක්. ඒක කලින් අවුරුද්දේ මාස 11ට වඩා සීයට 17ක කඩාවැටීමක්.

අපනයන සංවර්ධන මණ්ඩලය කියන විදියට නොවැම්බර්වල කඩාවැටීමට හේතුව කොවිඩ්-19 අලුත් රැල්ල. විශේෂයෙන් කොවිඩ් රැල්ල ඇඟලුම් ක්ෂේත්‍රයටත් පැතිරුණ නිසා කඩාවැටීම වැඩි වුණා.

අපේ රටට වැඩිම ආදායමක් ගේන අපනයන ක්ෂේත්‍රය වන නිසා ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයට කොවිඩ්-19 මැද්දේ වුණත් ආරක්ෂිතව යළි නැගිටින්න සිද්ධවෙනවා.

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි – ආනන්ද විජේපාල

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා...

රථවාහන දඩ ගෙවන්නත් Govpay

රථවාහන වැරදි වලට අදාළ දඩ මුදල් GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවිමේ නියමු ව්‍යාපෘතියක් අද(11) ආරම්භ වනවා. පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ...

සත්ව සංගණන වාර්තාවේ දෝෂ

කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනට ලැබී ඇති සත්ත්ව සංගණන වාර්තාවේ දෝෂ තිබෙන බව එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් මව්බමි පුවත්පතට පවසා තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් ලැබී තිබෙන සංගණන තොරතුරු...

POPULAR ARTICLES