28.1 C
Colombo
Sunday, April 13, 2025

ක්ලබ් වසන්ත අවසන් වරට පෙනී සිටි ඡායාරූපය

- Advertisement -

අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී වෙඩිතැබීම සිදුව තිබූ අතර, වෙඩිතැබීමට සුළු වේලාවකට පෙර ගත් ඡායාරූපයක එහි සිටි සියලුදෙනා මෙලෙස දැක්වුණා.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනෙක් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

වෙඩි වැදීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ, මොවුන් කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ. සූජීවා ද තුවාල ලැබූ අතර, තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ කේ. සූජීවා සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, මේ වනවිට කේ. සුජීවා මහත්මියට ශල්‍යකර්මයක් සිදුකරමින් පවතින බවයි.

වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවට හා වෙඩිතැබීමට ටී 56 ගිනිඅවි දෙකක් භාවිත කර ඇති බව පොලීස් විමර්ශනවලදී අනාවරණය වූ අතර ඔවුන් මෝටර් රථය මඟ දමා වෑන් රථයකින් පළා යන අයුරු CCඨ්V කැමරාවල සටහන් වුණා.

කෙසේවෙතත්, අද පස්වරුවේ පැවති පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ මෙම වෙඩිතැබීම විදෙස් රටක සිට සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙය සැලසුම් සහගත වෙඩිතැබීමක් බවත්, කලක සිට පැවති මතභේදයක් වෙඩිතැබීමට හේතුවිය හැකි බවට පොලීසිය සැකපළ කරන බවත් ඔහු පවසනවා.

ඔහු සඳහන් කළේ, වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවත් රටින් පැන ගොස් ඇතැයි කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

මේ අතර, කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රිවෝලර්වරයක් සොයාගත් බවත්, එය ලියාපදිංචිකර ඇති ද යන්න සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවද නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

මීට පෙර ද 2017 වසරේ එම ස්ථානයේ සැලුන් එකක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එහිදී ද මෙවැනිම වෙඩිතැබීමක් සිදුවූ බවත් නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියා.


RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...