අතුරුගිරියේ වෙඩි තැබීම: ක්ලබ් වසන්ත මරුට

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා. අද (08) උදෑසන අතුරුගිරියේ සිදු කළ වෙඩි තැබීමකින් ජනප්‍රිය ගායිකා කේ. සුජීවා මහත්මිය ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන් අතුරුගිරිය සහ හෝමාගම රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.