ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා රාමුවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ කොකා-කෝලා පදනම (TCCF) ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 1.1ක වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක් ලබා දී තිබෙනවා.
“ප්ලාස්ටික් දූෂණය අපගේ කාලයේ පවතින වඩාත්ම හදිසි පාරිසරික අභියෝගවලින් එකක් වන අතර, එය විසඳීම සඳහා සහයෝගී, පුළුල් ක්‍රියාමාර්ග අවශ්‍යයි.” යනුවෙන් UNDP ශ්‍රී ලංකා නියෝජ්‍ය නේවාසික නියෝජිත මාලින් හේර්විග් මහත්මිය මෙම ආධාරය පිළිබඳ හඳුන්වාදෙමින් ප්‍රකාශ කළා.
මෙම ව්‍යාපෘතිය මූලිකව කොළඹ දිස්ත්‍රික්කයේ කරදියාන අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොමුකරන පළාත් පාලන ආයතන හතක් සමඟ කටයුතු කරන බවයි ඇය පෙන්වා දී තිබෙන්නේ.
මොරටුව මහ නගර සභාව, දෙහිවල – ගල්කිස්ස , ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, මහරගම නගර සභාව, පානදුර නගර සභාව, කැස්බෑව නගර සභාව සහ බොරලැස්ගමුව නගර සභාව එම පළාත් පාලන ආයතන වෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් සහ UNDP ශ්‍රී ලංකා කාර්යාලයේ නේවාසික නියෝජිත යන සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික උපදේශක කමිටුවක් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මාලදිවයින, ශ්‍රී ලංකාව, පිලිපීනය, කාම්බෝජය සහ වියට්නාමය ඇතුළු රටවල් කිහිපයක කොකාකෝලා සමාගම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඒකාබද්ධ මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද වාර්තා වනවා.