32 C
Colombo
Thursday, January 23, 2025

පොල් කිරි, පොල් සම්බෝල නිසා පොල් නාස්ති වෙනවා – ඇමති චතුරංග

- Advertisement -

පොල් බහුල ලෙස ගෘහස්ත පාරිභෝජනයට ගැනීමෙන් මූලිකවම පොල් කටු, පොල් වතුර සහ පොල් ලෙලි හරහා ලබාගත හැකි ආදායමක් අහිමි වී යන බව ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“දැන් තියෙන අර්බුදය තමයි දේශීය පොල් පරිභෝජනයට පොල් ලබා ගැනීමත්, සැපයුමේ අඩුවීමත් නිසා.

අපනය්න කර්මාන්තයත් අර්බුදයට ලක් වෙලා අපි නිතර පරිභෝජනය කරන පොල් ගෙඩියත් රුපියල් 200 ගාණට ගියා. ගෙදර පොල් පරිභෝජනය ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක තමයි අපි ඉන්නේ. මොකද අපි පොල් කිරි විදිහට පාවිච්චි කරනවා, සම්බෝල විදිහට පාවිච්චි කරනවා. මේ ක්‍රියාවලි දෙකේම පොල් සෑහෙන ප්‍රමණ්යක් අපතේ යනවා. ඒ වගේම පොල් කට්ට සහ පොල් වතුර කියන දෙකත් ඩොලර්. ඉතින් ඒවත් අපතේ යනවා. ඉතින් පොල් කිරි වෙනුවට අපිට ආදේශ කළ හැකි නිෂ්පාදන ප්‍රමුඛ්හත්වයක් දීලා අපිට විකල්ප ලෙස භාවිතා කරන්න පුළුවන් නම් ඒ ඉතිරි වෙන පොල් ටිකත් අපනයනය කිරීම සදහා ඩොලර් උත්පාදනයට ලබාගන්න හැකියාවක් තියෙනවා.

ඉතින් මේ අර්බුදය විසදගන්න තමයි ඔවුන් ඉල්ලීමක් කරලා තියෙන්නේ. ඔවුන්ගේ අපනයනය සදහා අවශ්‍ය කරන පොල් කිරි, පොල් මද ආනයනය කරලා අපනයනය සදහා මේ සදහා ලබාදෙන්න කියලා අර පොල්ගෙඩි මිලියන 200ක ප්‍රමාණයේ මද සහ කිරි ගෙන්නන්න දෙන්න කියන ඉල්ලීම තමයි ඔවුන් ඒ කළේ. මොකද හාල් වගේ අමාරුවේ වැටෙන්න අවශ්‍ය නෑ දත්ත අපි හොයාගෙන හරියට කල් තියා තීරණ ගත්තොත්.”

RECENT ARTICLES - SINHALA

අනුර ප්‍රියදර්ශන යාපාට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) සවස් කාලයේ අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම ගාස්තුව ඉහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. එහි සාමාජික ගමගෙදර දිසානායක මහතා කියා සඳහන් කළේ ගෘහකාරක සභාවේදී මෙම තීරණය...

අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ අධිකරණයට

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම ගාස්තුව ඉහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. එහි සාමාජික ගමගෙදර දිසානායක මහතා කියා සඳහන් කළේ ගෘහකාරක සභාවේදී මෙම තීරණය...

අනුර ප්‍රියදර්ශන යාපාට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) සවස් කාලයේ අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ...

සිංහ පැටවුන් සය දෙනෙකුට නම් දෙන්න අවස්ථාවක්

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් එක්වූ සිංහ පැටවුන් තිදෙනෙකුට නම් තැබීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා. උද්‍යාන කළමණාකාරීත්වය පවසන්නේ ඩෝරා සහ ලාරා යන සිංහ ධේනුවන්...