27 C
Colombo
Tuesday, July 2, 2024

සාමදාන විනිශ්චයකාරවරුන්ට ආචාරධර්ම පද්ධතියක්

- Advertisement -

සාමදාන විනිශ්චයකාරවරයන් සඳහා ආචාරධර්ම පද්ධතියක් ඇතුළත් නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා.

සාමදාන විනිශ්චයකාරවරයන් පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ ආචාරධර්ම පද්ධතිය ඇතුළත් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග දෙකකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය මෙසේ හිමිවී ඇති බව සඳහන්.

මෙහි මූලික අරමුණ වී ඇත්තේ සාමදාන විනිශ්චයකාරවරුන් අතර සදාචාරාත්මක සහ ආචාරධර්මීය හැසිරීම ප්‍රවර්ධනය කිරීම මගින් ඵලදායී ලෙස යුක්තිය පසිඳලීම ක්‍රියාත්මක කිරීම සහ දූෂිත භාවිතයන් සඳහා වන අවස්ථාවන් තුරන් කිරීමයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පැවත්වූ අවස්ථාවේ මෙම අනුමැතිය ලබාදී තිබෙනවා.

මෙතෙක් සාමදාන විනිශ්චයකාරවරයන් පත් කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් මෙන්ම ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳව ද සඳහනක් නොතිබූ බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදී ඇති බව සඳහන්.

එසේම එම තනතුර අවභාවිත කිරීමකදී එම පුද්ගලයන් සාමදාන විනිශ්චයකාර ධූරයෙන් ඉවත් කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොපැවතීම හේතුවෙන් මෙම නියෝග නිකුත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

තව ද මෙම තනතුරේ ගෞරවය සහ ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරගැනීම සඳහා සාමදාන විනිශ්චයකාරවරයන් පිළිපැදිය යුතු ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව, සිවිල් නඩු විධාන සංග්‍රහ පනත, ගෙවල් කුලී නීතිය පරිච්ඡින්න කිරීමට අදාළව ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත සහ නිවැසියන් ආරක්ෂා කිරීමට අදාළව ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

දුම්රිය මග දමා පැන ගිය රියදුරුගේ වැඩ තහනම්

කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර බලා ඊයේ (30) පෙරවරුවේ ධාවන වූ දුම්රියක රියදුරා අධික ලෙස මත්පැන් පානය කර ගමන් කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ...

කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 200ක් ගෙවලා ඉවරයි

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කළ බව නාගරික...

රෝහලේ සිටි පුද්ගලයෙක් පැහැර ගත් කතකට ඇප

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගිය බවට පැවසෙන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

Breaking: ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර...

රේනෝ කම්කරු නඩුවෙන් පරාදයි. ලක්ෂ 135 ක් වන්දි දෙන්න නියෝග

0
හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ වසර 08 ක කාලයක් සේවය කළ මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතා එම තනතුරින් අනීතිකව ඉවත්කිරීමේ නඩුවෙන් Asia Broadcasting Corporation (pvt) Ltd...

කාලගුණයෙන් රතු නිවේදනයක්

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු අක්ෂාංශ 06...