25.7 C
Colombo
Tuesday, November 26, 2024

කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි

- Advertisement -

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර පස් කදු කඩා වැටී  බදුල්ල පස්සර මාර්ගය   අරවාකුඹුර ප්‍රාදේශයෙන් ද බදුල්ල ස්ප්‍රීන්වැලි මාර්ගය කදන ප්‍රදේශයෙන් ද බදුල්ල පස්සර මාර්ගය හත කනුව ප්‍රදේශයෙන් ද අවහිර වී ඇති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.

මාර්ග අවහිරතා ඉවත් කිරීමේදී අයහපත් කාලගුණික තත්ත්වය මත බාධා එල්ල වී ඇති බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන දිනය මෙන්න

පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා කැඳවීම ලබන වසරේ ජනවාරි මාසයේ අග භාගයේ දී සිදුකිරීමට හැකිවනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස...

E8 වීසා ක්‍රමය නීත්‍යානුකූල කරන්න රජයට බැහැ – නලින්ද

E-8 වීසා ක්‍රමවේදය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිවිසුමකට ලක් නොවුණු අනීතික ක්‍රියාවලියක් බවත් එය නීත්‍යානුකූල කිරීමට රජයට හැකියාවක් නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද...

අර්චුනා රාමනාදන්ට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES