28 C
Colombo
Saturday, April 5, 2025

නෙළුම් කුලුන ණයෙන් බරිත වේ

- Advertisement -

කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ලබා ගත් ණය මුදලේ වාරික වශයෙන් පසුගිය වසර අවසානය වන විට රුපියල් කෝටි හත්සිය විසි දෙකකට අධික මුදලක් ගෙවීමට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට සිදු වී ඇත.

මේ හේතුවෙන් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් ඒකාබද්ධ අරමුදලට වර්ෂිකව බැර කරන මුදල් ද පසුගිය වසර තුනේදී රුපියල් කෝටි 3040කින් අඩු කර ඇත. 2017 වසරේදී රුපියල් කෝටි පන්සිය විස්සක් ද 2018 දි රුපියල් කෝටි 615ක් හා පසුගිය වසරේ දී රුපියල් කෝටි 1905ක් ද වශයෙන් බැර කරන මුදල් අඩු කර තිබේ.

නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ආදායමින් ණය හා වාරික ගෙවීමට සැලසුම් කර තිබුණ ද මේ දක්වා ව්‍යාපෘතියෙන් කිසිදු ආදායමක් නොලැබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

මේ බව අනාවරණය කරන්නේ විගණකාධිපතිවරයාගේ අලුත්ම වාර්තාවෙනි.

අදාළ කාලසටහනට අනුව ව්‍යාපෘතිය නිම නොකිරීම නිසා ණය මුදලින් ලබා ගැනීමට හැකි වී තිබුණේ ද සියයට 76ක් හෙවත් රුපියල් කෝටි 1230ක් පමණ ය. ඉතිරිය වන රුපියල් කෝටි 393ක පමණ මුදල ලබා ගැනීමට නොහැකි වී තිබුණ ද මුළු ණය මුදල සඳහාම රක්ෂණ, එකඟතා සහ කළමනාකරණ සේවා ගාස්තු වශයෙන් අමතරව රුපියල් කෝටි පනස් තුනකට අධික මුදලක් ගෙවා ඇතැයි ද එහි සඳහන් වෙයි.

චීන සමාගම් සමග ඇති කර ගත් ගිවිසුමට අනුව 2012 වසරේ නොවැම්බර් 12 වැනිදා සිට 2015 වසරේ මැයි 12 දින දක්වා වූ දින 912කින් ව්‍යාපෘතිය නිම කළ යුතුව තිබිණි. එතැන් සිට වාර්ෂිකව රුපියල් කෝටි 168ක ආදායමක් ඉපයීමට සැලසුම් කර තිබූ නමුත් ව්‍යාපෘති කටයුතු ප්‍රමාදවීම මත එම ආදායම අහිමි වී ඇත.

පසුව ඇති කරගත් ගිවිසුම් අනුව ව්‍යාපෘතිය නිමා කර 2017 වසරේ ඔක්තෝබර් 31 වැනිදා භාර දිය යුතුව තිබුණ ද පසුගිය අගෝස්තු 31 වැනිදා වන විටත් ව්‍යාපෘතිය අවසන්ව නොතිබූ බවත් විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් හෙළි කර තිබේ.

-්ARUNA NEWSPAPER

RECENT ARTICLES - SINHALA

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

හෙට අනුරාධපුර නගරයට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (06) දිනයේ  අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සම්බන්ධව පොලීසිය විසින් නිවේනදයක් නිකුත් කර තිබෙනවා. ඒ, දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාවට විරෝධයක්

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින්  විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ...

POPULAR ARTICLES

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් Netflix යයි

ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ නෙළුම් කුලුනෙහි ප්‍රතිනිර්මාණයක් වන පෙරුසු චිත්‍රපටිය Nextflixහි තිරගත වීමට නියමිතව තිබෙනවා. එය අප්‍රේල් 11 වැනිදා සිට Nextflix ඔස්සේ නැරඹීමට හැකියාව...

හෙට අනුරාධපුර නගරයට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (06) දිනයේ  අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සම්බන්ධව පොලීසිය විසින් නිවේනදයක් නිකුත් කර තිබෙනවා. ඒ, දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...