නිට්ටඹුව සිට කොළඹ ධාවනය වන මාර්ග අංක 180 පුද්ගලික බස් රථ 30ක් පමණ අද (17) අලුයම සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ (16) මිරිස්වත්ත හන්දියේදි ත්‍රිරෝද රථ රියදුරකු නිට්ටඹුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට පහරදීමේ සිද්ධියක් හේතුකොට ගෙන මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබෙනවා.
මෙම පහරදීම සම්බන්ධව යක්කල පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතත්, මේ දක්වා සාධාරණයක් සිදු නොවිම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව පුද්ගලික බස්රථ රියදුරු සහ කොන්දොස්තරවරු සඳහන් කළා.