2024 මහ මැතිවරණය හේතුවෙන් නොවැම්බර් 14 වනදා කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු පැය 3කට සීමා කර තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ එහි ගනුදෙනු 14 වනදා උදෑසන 09:30 සිට පස්වරු 12:30 දක්වා පමණක් සිදුකරන බවයි.
මේ අතර අද (11) දිනය තුළදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL 20 දර්ශකය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම්කර තිබුණා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 74.86ක වර්ධනයක් පෙන්නුම්කළ අතර දිනය නිමාවන විට එහි අගය සඳහන් වූයේ 12,875.32ක් ලෙසයි.
S&P SL 20 දර්ශකය ඒකක 23.16කින් 3,854.43ක් දක්වා වර්ධනය වුණා.
අද දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.4ක්.