24 C
Colombo
Sunday, November 17, 2024

පාපැදියෙන් වැඩට එන්න..! – ඇමති අමරවීර

- Advertisement -

පාපැදි භාවිතා කරමින් සේවයට පැමිණෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලා සිටිනවා.

වායු දූෂණය අවම කරගැනීම සහ තවත් කරුණු ගණනාවක් හේතුවෙන් මෙලෙස පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පරිසර අමාත්‍යංශය පියවර ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව මේ වනවිටත් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති අතර වායු දූෂණය අවම කරගැනීමට හැකිවීම, කාලය අපතේ යාම වළක්වාගැනීම මෙන්ම පාපැදිය භාවිතා කිරීම නිසා බෝ නොවන රෝග රැසක් පාලනය කරගැනීමට ඇති හැකියාව නිසා පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබාදීමට පියවර ගන්නා බවත් අමරවීර මහතා කියා සිටිනවා.

මෙහිදී පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා යම් ප්‍රවර්ධන ප්‍රතිලාභයන් ලබාදීමේ නියාමන වැඩසටහනක් හඳුන්වාදීමට ද තීරණය කර තිබෙනවා.

අමාත්‍යවරයා පවසන්නේ වාහන තදබදය ඇති අවස්ථාවල ධාවනය වන එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් වැය කිරීමට සිදුවන බව සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ උපකාරක පන්ති ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම...

අමෙරිකාවේ යුධ නැවක් කොළඹට

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (16) කොළඹ වරායට පැමිණෙන...

විදෙස් ගමන් බලපත්‍ර 66ක් සමඟ දෙදෙනෙක් මාට්ටු

විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් සහ සැකකරුවෙකු කහතුඩුව, සියඹලාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ...

POPULAR ARTICLES